Thursday, May 28, 2015

53. කටු විතරක් මට ය



නිමිත්ත

"මල් උයන් තැනුව ඉක්මන" - ශසිකා අමාලි මුණසිංහ




තුමුල මල් උයන් අස ගැවස ඇසක් ඉඟිමරන
යොවුන් සමනලුන් බෝ විය එකල
මල් හිසක් ඇද සිඹින තරමට ප්‍රගල්භව
උන් එකෙක් අල්වාන - නවාතැන් ගැන්වීය පෙති මත

කැන්වසය මත වැතිර මැව් හැම සිහිනෙම
රතු රෝස යායක් දෙකක් සිත්තම් විය
ස්වප්නයෙන් මිදුන නෙත් පියවිලි හරිමි මම
රෝස පෙති සේරෝම නුඹට ය. කටු විතරක් මට ය.

1 comment:

  1. මම කටු සිඹිමි නුඹ පෙති මත සැතපෙන්න
    මම කඳුළු බොමි පිපාසෙට මල් පැණි බොන්න
    මම හදවත කඩමි නුඹේ හදවත ඔහුටම දෙන්න
    මම පමා වෙමි ඉක්මනින් මේ සිහින අරගෙන යන්න

    ReplyDelete