Tuesday, August 16, 2016

203.ඔබ සුවෙන් වෙසෙන බැව් හඟවන්න!



සුළඟෙ සැලි සැලි රඟන
කුඩා මල් දළු පොඩිති
සතුටු බමනෙක නංවගෙන යන්න
වළා මිටියාවතට ඇරලන්න

තුංග තුරු සෙබළුනට
හරිත නිල හිස්වැසුම් අන්දන්න
සිඟිති කුසුමින් තැනූ පදක්කම්
ඒ අතර තැනින් තැන රන්දන්න

ඇබිති පපු පුම්බාන
උච්ච ස්වර අතගාන
සකුණ ගායන නඩය කැන්දන්න
හිරු කිරණ එකට බැඳ
සුරු බටිත්තෙකුගෙ හිස
විරු කිරුළු උපහාර පළඳන්න

වසන්තය වසන්තය
ඉතින් ඔය අත් නඟා
ඔබ සුවෙන් වෙසෙන බැව් හඟවන්න!

No comments:

Post a Comment